රටක් වටින පොතක්
April 18, 2020 2020-04-18 17:25රටක් වටින පොතක්
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන උක්ත වැඩසටහන ක්‍රියාත්මක කරනුයේ සිසුන් නිවාඩු කාලය අර්ථවත් ව හ ඵලදායී ලෙස ගත කිරීමට හා නිර්මාණ්ශීලිවය අවදි කිරිමට යි. නුගේගොඩ සාන්ත ජොන් විද්‍යාලයේ සිංහල අංශයේ මුලිකත්වයෙන් උක්ත වැඩ සටහන අප පාසල තුළ ක්‍රියාත්මක කෙරේ . ඒ සදහා අවශ්‍ය තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය .
වැඩි විස්තර සදහා
අතුල චන්ද්‍රසේන මයා (විෂය ප්‍රධාන ආචාර්ය- සිංහල) 0771775681
ලක්ෂ්මී හේරත්
0759588194
කේ. පී.එස්. මල්කාන්ති
0712477222
රුචිරා විජේසේන්
0715324114
මීට අමතරව සියලු පන්ති භාර ගුරුවරුන් මගින් තොරතුරු ලබා ගත හැකිය .
මීට
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යාපන සංවර්ධන
සාන්ත ජොන් විද්‍යාලය නුගේගොඩ
?නිර්ණායක
1. වයස් කාණ්ඩ : 1 වසරේ සිට 13 වසර දක්වා
2. සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ග්‍රන්ථකරණයේ යෙදීමට හැකිය.
3. පොත් වර්ග (ශානර)
ළමා කතන්දර පද්‍ය රචනා
කෙටිකතා යොවුන් සාහිත්‍ය කෘති
නවකතා නාට්‍ය රචනා
පරිවර්තන ඓතිහාසික කතා
මායා කතා මිථ්‍යා කතා
අභිරහස් කතා උපමා කතා
ජන කතා විද්‍යා ප්‍රබන්ධ
පරිසර විත්ති චරිතාපදාන
ස්වයංචරිතාපදාන සුරංගනා කතා
අතිශයෝක්ති කතා ආගමික කතා
වීර කතා විෂයානුබද්ධ පොත්
පුරාවෘත්ත
මිශ්‍ර යන ඕනෑම කාණ්ඩයකින් එකක් තෝරා ගත හැකිය.
5. කෙටිකතා සංග්‍රහයක් නම්, අවම වශයෙන් කෙටි කතා 5 ක් ඇතුළත් විය යුතුය.
6. පද්‍ය සංග්‍රහයක් නම් පද්‍ය 20 කට වැඩි 50 කට නොවැඩි විය යුතුය.
7. නවකතාවක් නම්, පරිගණකගත කළ පසු A5 පිටු අවම වශයෙන් පටු 120 ක් පැවතිය යුතුය.
8. ළමා කතන්දර පොතක පිටු 16 ක් වත් තිබිය යුතුයි. අනිකුත් පොත්වල පිටු ගණන 49 ට වැඩි හා 150ට අඩු විය යුතුයි.
9. දහවන ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නා දූ පුතුන්ට ළමා කතන්දර ලියා එවිය හැකිය. මෙම ළමා කතන්දර පොත් වර්ණ පිටු හා චිත්‍ර සහිත විය හැකිය.
10. සෑම පොතක්ම A4 කඩදාසිවල ලිවිය යුතුයි.
11. සෑම පොතක් ම පරිගණක යතුරු ලියනය කර තිබිය යුතුයි.
12. සෑම පොතක්ම දෘඩ පිටපතක් හා මෘදු පිටපතකින් යුක්ත විය යුතුය.
13. ඡායාරූප ඇත්නම් හැකි සෑම විටම ඒවා කළු සුදු ඡායාරූප
විය යුතුයි. වර්ණ ඡායාරූප 4 colours විය යුතුයි. ඡායාරූප දක්වා ඇති අවස්ථාවල කිසිදු පුද්ගලයකු පෞද්ගලික ව හඳුනා ගැනීමට නොහැකි වන ආක
දයාබර දරුවනි,
වර්තමානයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් 41 ලක්ෂයකට ආසන්න පාසැල් දූදරුවන් තම නිවෙස්වලට වී කාලය ගත කරති.එම දරුදැරියන් තුළ චිත්ත ශක්තිය වර්ධනය කිරීමේ හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා එක් ව පොත් 10,000 ලිවීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් දියත් කොට ඇත.
ආදරණීය පාසල් දුවා දරුවන් වර්තමානයේ ලෝකයේ පැතිර යන අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළට වී කාලය ගත කරයි. පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම වර්ධනය කර ගැනීමට දරුවන්ට සිදුව ඇත. පොත් කියවන දරුවන්ට තවත් කාර්යයක් කිරීමට අප ආරාධනය කරමු. ඒ පොත් ලිවීමටයි. මේ ව්‍යසනය අතරතුර ඔබගේ නිසඟ හැකියාවන් ඔප්නංවා ගැනීමට පෙළ ගැසෙමු. ලියන්නට පටන් ගනිමු. ඔබ ලියන ලද පොත් ඔබේ පාසල ආරම්භ කළ පසු ගුරුවරුන් ලවා යළිත් සංශෝධනය කරවාගෙන විදුහල්පතිතුමා හෝ තුමිය මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා හෝ තුමිය වෙත යැවිය යුතුය. කලාප අධ්‍යක්ෂ එම පොත් වලින් හොඳම පොත් තෝරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යැවිය යුතු අතර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම පොත්වලින් තෝරාගත් හොඳම පොත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවනු ඇත. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හොඳම පොත් දස දහසක් ප්‍රකාශයට පත් කරනු ඇත. සෑම පාසලක්ම එක් පොතක්වත් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙය තරගයක් ආකාරයට පැවැත්වේ. මේ මගින් ඔබට ළමා කතුවරුන් බවට පත්විය හැකිය. එසේම ඔබට රාජ්‍ය සම්මාන ද හිමි වනු ඇත.
ඊ.ඒ.සසිනි විහංගා සත්සරණි
ර/නිවි තක්ෂිලා ප්‍රාතමික විද්‍යාලය දුම්බර මානාන ….ඊ.ඒ .සසිනි විහංගා සත්සරණි වන මා ලියූ සිහිනෙන් දුටු දුම්බර මිනිරන් පතල නම් රටක් වට්න පොත සදහා ඉදිරිපත් වීම වෙනුවෙන් සහිතකයක් තතවම ත් ලැබුන් නැහැ
Dineth
Good work . contiunes it
P.H.Dinuka sathsara Hettiarachchi
Is there a application sheet to join this project
Kavisha
Scl yan nathi lamai kohomd bara denna ona…address ekk thiyenwd
Lalith
Thanks